Saturday, December 5, 2009
අන්සතු මලකට (අහසට සොඳුරුද) - Ansathu Malakata ( Ahasata Sondhurudha ) - Nelu Adhikari and Kashyapa Dissanayake
අහසට සොඳුරුද සඳ කෙතරම්,
ගසකට සොඳුරුද මල කෙතරම්,
සයුරට සොඳුරුද රල කෙතරම්,
එතරම් මිහිරියි ඔබ මටනම්.
හිත මැද පෙම්බරකම් සඟවා,
යන එන මග ඉඟිබිඟි කරමින්,
හොඳ නෑ කරනා ඔය දඟකම්,
දුටුවොත් වෙන අය වෙයි නපුරන්.
සුන්දර ඔය වත හින්දම තුන්යම,
නින්දක් මට නැතුවා නැතුවා.
තිස්සෙම මං වට දැවටෙනු කුමටද,
අහන්න මට හිතුනා හිතුනා.
සුන්දර ඔය වත හින්දම තුන්යම,
නින්දක් මට නැතුවා නැතුවා.
තිස්සෙම මං වට දැවටෙනු කුමටද,
අහන්න මට හිතුනා හිතුනා.
අහසට සොඳුරුද සඳ කෙතරම්,
ගසකට සොඳුරුද මල කෙතරම්,
සයුරට සොඳුරුද රල කෙතරම්,
එතරම් මිහිරියි ඔබ මටනම්.
හිත මැද පෙම්බරකම් සඟවා,
යන එන මග ඉඟිබිඟි කරමින්,
හොඳ නෑ කරනා ඔය දඟකම්,
දුටුවොත් වෙන අය වෙයි නපුරන්.
සොඳුරුද මා හට ඔබ කෙතරම්,
අන්සතු මලකට ඇයි ලොබකම්,
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්,
හිමි නැති වූ සඳ වේ ලතැවුල්.
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට,
සත්තයි සිහිනෙක මා සිටියා.
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ,
බිලිඳුන් නිදි නෑ මං යනවා.
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට,
සත්තයි සිහිනෙක මා සිටියා.
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ,
බිලිඳුන් නිදි නෑ මං යනවා.
අහසට සොඳුරුද සඳ කෙතරම්,
ගසකට සොඳුරුද මල කෙතරම්,
සයුරට සොඳුරුද රල කෙතරම්,
එතරම් මිහිරියි ඔබ මටනම්.
හිත මැද පෙම්බරකම් සඟවා,
යන එන මග ඉඟිබිඟි කරමින්,
හොඳ නෑ කරනා ඔය දඟකම්,
දුටුවොත් වෙන අය වෙයි නපුරන්.
මෙතනින් අන්සතු මලකට ගීතය ලබාගත හැක...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment