යායට පායනා පෝදා සඳ,
තෙත බේරෙනා පිණි දෝරෙක,
හිත පාරනා මේ මා දුක,
සැපසේ වින්දා,
හෙට රෑ වෙලා එලිවෙන සඳ,
හිත හාරනා මහ පාළුව,
නුඹ ගන්නවානම් ආපිට,
යනවා, කැන්දා,
වෑහෙන්නම් මා, ඉඳහිට ඒ සඳේ ඇඳිලා,
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා.
තනි පැලේදී, තනිව උරගෑ, රෑ ගනන් බලලා,
අවේලාවක පෑයූ තරුවී, පෑ බලුම් හින්දා,
තනි ඇතා සේ හිතින් හිතපු, මල් වියේ අරුමේ,
නුඹ නිසාවෙන් හිතේ පිරුනු, ආලයෙන්, බැඳුනේ.
තරු ගනිද්දී, නුඹම පෙන්වූ, හීනයේ ගිලිලා,
සැපට ඉද්දී, පැතුම් සේරම, කළුවරේ වින්දා,
මල් බිසෝවී මෙමට දුන්නු, සතුට යලි ගත්තා,
නුඹ පතා මං එක සිතින් පිදූ, ජීවිතේ, මැරුනා.
යායට පායනා පෝදා සඳ,
තෙත බේරෙනා පිණි දෝරෙක,
හිත පාරනා මේ මා දුක,
සැපසේ වින්දා,
හෙට රෑ වෙලා එලිවෙන සඳ,
හිත හාරනා මහ පාළුව,
නුඹ ගන්නවානම් ආපිට,
යනවා, කැන්දා,
වෑහෙන්නම් මා, ඉඳහිට ඒ සඳේ ඇඳිලා,
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා.
මෙම ගීතය ලබා ගැනීමට මෙතන්ට යන්න.

Auto Insurance can be a pain in the neck. Click here for the best Auto insurance quotes you can find.