Tuesday, January 5, 2010

චන්ද්‍රයන් පිදූ - Chandrayan Pidhu - Daddy





Custom Search

සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ,
මාගේ දිවියේ අන්ධකාරේ,
ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ.
නෑ මා කිසිදා හිරු අග බැලුවේ,
පැතුමන් අඳුරේ සිරවුයේ,
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ,
කඳුලැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ
මා... තනිවී, 
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ... 



චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්,
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්,
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්,
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්,
සිසිලක් ලෙසින්, ඔබ මා හද පුබුදු කලේ... 





වසන්තයයි මාගේ දෙතොලේ,
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ,
කැළබීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ,
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ,
හැඟේ සිතේ නිසන්සලේ,
රඟදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී.



චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්,
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්,
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්,
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්,
සිසිලක් ලෙසින්, ඔබ මා හද පුබුදු කලේ... 



චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්,
වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්,
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්,
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්,
සිසිලක් ලෙසින්, ඔබ මා හද පුබුදු කලේ... 



Click here to Download this mp3 song






 Subscribe in a reader




Auto Insurance can be a pain in the neck. Click here for the best Auto insurance quotes you can find. 

No comments:

Post a Comment